හබරාදුව රිය අනතුරකින් තරුණයෙකුට දිවි අහිමි වෙයි

හබරාදුව නගරයේ ඉන්ධන පිරවුම්හල අසලදි ඊයේ (11) රාත්‍රි යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් යතුරු පැදිකරු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ තල්පෙ තල්ගස්වත්ත පදිංචිව සිටි 20 හැවිරිදි තරුණයෙකි.

ගාල්ල සිට මාතර දක්වා ගමන් කරමින් තිබු ලං.ග.ම. බස් රථයක යතුරු පැදිය මුහුණට මුහුණලා ගැටී යතුරු පැදිකරු බස් රථය යටට විසිවි ගොස් ඇති බවද පොලිසිය පවසයි.

එහිදී බරපතල තුවාල ලබා සිටි යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය‍ගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ..

මාර්ග නිතී පිළිපදිමින් රිය අනතුරු අවම කර ගනිමු

Leave a Reply