හබරාදුවේ දොලක මළ සිරුරක්

හබරාදූව, මීපේ ප්‍රදේශයේ දොලක තිබි පුද්ගලයෙකුගේ මළසිරුරක් අද (06) සවස හමුවු බව හබරාදුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හබරාදුව මීපේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයකු බව හඳුනාගෙන ඇති බවත් මෙම පුද්ගලයා දින දෙක පමණ සිට අතුරුදහන්ව සිට ඇති බවද පොලිසිය පවසයි.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply