හබරාදුවේ ගංජා වගාකල රුසියානුවන්ට දඩ

තාවකාලිකව නතරව සිටි නිවාසවල ගංජා වගා කිරිම සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි විදේශිකයින් හතර දෙනාට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා එක් අයෙකුට රුපියල් පන් දහස බැගින් රුපියල් විසි දහසක දඩ ඊයේ (13) නියම කලේය.

මෙසේ දඩ නියමවුයේ රුසියානු ජාතිකයින් හතර දෙදෙනෙකුටය.

සැකකාර විදේශිකයින් හබරාදුව, හිනටිගල, පිටිදුව යන ප්‍රදේශවල නිවාස කුලියට ගෙන තාවකාලිව නතරව සිට මල් පෝච්චිතුල ගංජා වගාකර ඇති බවට ලැබුන තොරතුරක් අනුව හබරාදුව පොලිසිය විසින් එම නිවෙස් වටලා මල් පෝච්චිවල වගාකර තිබු කිලෝ 14ක්  බරැති ගංජා ගස් තොගයක් සමග අත් අඩංගුවට ගෙන ඉකුත් 04 වනිද න අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ඊයේ (13) දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *