හන්තාන කඳු මුදුනේ අතරමං වෛද්‍ය සිසුන් බේරාගැනීමට මෙහෙයුමක්

අයහපත් කාලගුණය හේතුවෙන් රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180දෙනෙකු හන්තාන කඳු මුදුනෙහි සිරවී අතරමංව සිටින බව පොලීසිය පවසයි.

මෙම පිරිස් අතර පිරිමි සිසුන් 60 දෙනෙකු සහ කාන්තා සිසුවියන් 120 දෙනෙකු සිටින බව පොලිසිය පවසයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දැඩි මීදුම් තත්ත්වයක් පවතින නිසා එම ප්‍රදේශයට ළඟා වීමට දැඩි අපහසු තත්ත්වයක් පවතින බව පොලිසිය පවසයි.

කෙසේවෙතත් එම සිසුන් පිරිස මුදා ගැනීම සඳහා  යුද හමුදාව සහ පොලීසිය මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවද පොලිසිය පවසයි

Leave a Reply