හංවැල්ල වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට

හංවැල්ල නගරයේ ආපන ආපනශාලාවක හිමිකරුවකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් එම පුද්ගලයා මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හංවැල්ල හරස් මාර්ගයේ පිහිටි ආපන ශාලා පවත්වාගෙන අවුරුදු 46ක පුද්ගලයෙකි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ආපන ශාලාව තුළදීම මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර බරපතල තුවාල සහිතව ඔහු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර හංවැල්ල පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර ඇත

One thought on “හංවැල්ල වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *