සෞදි අරාබියෙන් ශ්‍රි ලංකාවට රටඉඳි ටොන් 50ක්

සෞදි අරාබි රාජධානියේ සල්මාන් රජුගේ මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය විසින් මෙරටට රටඉඳි ටොන් 50ක් පරිත්‍යාග කර ඇත.

අද (16) පැවති උත්සවයක දී සෞදි අරාබියේ ශ්‍රී ලංකාවේ තානාපති කාලිඩ් හමෞද් අල්කටානි මහතා (Khalid Hamoud Alkahtani) විසින් මෙම රට ඉඳි තොගය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත බාර දී තිබේ.

සෞදි අරාබියේ අබ්දුල්ලා බින් අබ්දුල් අසීස් රජු ඇතුළු එරට ජනතාව ත්‍යාගයක් ලෙස මෙරට ජනතාව වෙත මේ රටඉඳි පිරිනමා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *