සොලමන් දූපතේ ප්‍රබල භූමිකම්පා මලාවක් – සුනාමි අනතුරුත් අඟවයි

පැසිපික් සාගරයේ පිහිටි සොලමන් දුපත් ආසන්න මුහුදේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.0ක ප්‍රබල භූ චලනයක් සමග තවත් ප්‍රබල පසු කම්පන සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේය.

මෙම භූ චලනයත් සමඟ පිළිවෙලින් රිච්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.0ක් සහ 5.3ක පසුකම්පන ද සිදු වී ඇත

භූ චලන මාලාවත් සමග පැසිපික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් සොලමන් දූපතට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. පැපුවා නිව්ගිනියා සහ වනආටු දූපත් වලට ද සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි බව එහි සඳහන්.

මේ අතර මෙම ප්‍රබල භුමිකම්පා මාලාවෙන් තම රටට සුනාමි අවදානමක් නොමැති බව ඔස්ට්‍රේලියානු කාලගුණ අංශ නිවේදනය කළේය

සොලමන් දූපත් පිහිටා ඇත්තේ ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට ඉහළිනි. ප්‍රධාන දූපත් 6 ක් සහ තවත් කුඩා දූපත් 900 ක් සොලමන් දූපත් රාජ්‍යයට අයත් වෙයි. ලෝක බැංකු වාර්තා අනුව සොලමන් දූපත් රාජ්‍යයේ ජනගහනය 7,03,995 කි. හොනියාරා යනු සොලමන් දූපත් රාජ්‍යයේ අගනුවරය.

Leave a Reply