සේනපුර කඳවුරෙන් පලාගිය රැඳවියෙකු ගාල්ලේ දී අත් අඩංගුවට

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථායෙන් පලාගිය රැඳවියෙකු ගිංතොට ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදි අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවි අපරාධ රැසක් සිදු කරිම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු 30 හැවිරිදි මෙම සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් සේනපුර පුනරුත්ථාපන කඳවුරට යවා ඇත.

එම කඳවුරේ සිටියදි පසුගිය මාසයේ මුල් සතියේ දිනක මොහු තවත් දෙදෙනකු සමග පුනරුත්ථාපන කඳවුරෙන් පලාගොස් ඇත.එසේ පලාගිය තිදෙනාගෙන් දෙදෙනකු පසුව පොලිසියට බාරවි ඇති අතර මොහු ගිංතොට ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදි ලැබුන තොරතුරක් අනුව අත් අඩංගුවට ගෙන තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *