සෙල්ල කතරගමදී වෑන් රථයක් පෙරළී අයෙකු මරුට – 05 කට බරපතළ තුවාල

කතරගම පොලිස් වසමේ සෙල්ලකතරගම පස්සරයාය හංදියේදි වෑන් රථයක් පෙරළී සිදුවූ අනතුරෙන් එක් අයකු මිය ගොස් පස්දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

වෑන් රථය අසල තිබූ කොහොඹ ගස් දෙකක ගැටීමෙන් පසු මාර්ගයේ ගමන් ගත් කතරගම විදුලිබල මණ්ඩලයට අයත් ට්‍රක් රථයක් ගැටීමෙන් අද (28) පස්වරුවේ මෙම මාරක අනතුර සිදුව තිබේ.

කතරගම ප්‍රදේශයේ පදිංචි තරුණයන් පිරිසක් වෑන් රථයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.

අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply