වායු රයිෆලයක් පත්තුවී පස් හැවිරිදි දරුවා රෝහලට

කතරගම දෙටගමුවේ තරුණයකු අතින් වායු රයිෆලයක් වැරදිමකින් පත්තුවී පස් හැවිරිදි පිරිමි දරුවකුගේ හිසට වැදීමෙන් එම දරුවා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙටගමුව කනිෂ්ඨ විදුහලේ එක වසරේ ඉගෙනුම ලබන හැවිරිදි පිරිමි ළමයෙකි.

තුවාල ලැබු දරුවා දෙබරවැව රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

One thought on “වායු රයිෆලයක් පත්තුවී පස් හැවිරිදි දරුවා රෝහලට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *