සූරියවැව ජලාශයක ඔරුවක් පෙරළී 03ක් අතුරුදන් – 05 දෙනෙකු බේරාගනි

හම්බන්තොට සූරියවැව – මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරලීමෙන් තිදෙනකු අතුරුදන්ව තවත් පස් දෙනෙකු බේරාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ ඔරුවේ පුද්ගලයින් 8 දෙනෙකු ගමන් කර ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කුරුණෑගල සිට දානමය පිංකමක් සඳහා සූරියවැව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි පිරිසක් බව වාර්තාවේ.

බේරා ගත් අය අතර මාස 8 ක බිළිඳෙකු සිටින බවත් ඔවුන් සියලුම දෙනා රෝහල්ගත කර ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලීසිය පවසයි.

අතුරුදන්ව ඇත්තේ 10, 16 සහ 18 වියේ පසුවන දැරියන් තිදෙනෙකු බවත් ඔවුන් සොයා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *