දෘශ්‍ය ලෙස සූර්යා උතුරට ගමන් කිරීමේදී සූර්යයා අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද (05) දහවල් 12.13 ට තල්පේ, වැලිපිටිය සහ තිහගොඩ යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
මේ අතර ඌව, මධ්‍යම,දකුණ, බස්නාහිර, සබරගමුව, උතුරු මැද සහ වයඹ පළාත්වලටත්, මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හා ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය
අනුරාධපුර ,මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලට උදෑසන කාලයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.