නවසීලන්තයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.3ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම භූ චලනය නවසීලන්තයේ උතුරු සහ දකුණු දුපත් වලට බලපා තිබෙන අතර සුනාමි අවදානමක් නොමැති බව එරට ජාතික හදිසි කළමනාකරණ ඒජන්සිය නිවේදනය කර තිබේ.
උතුරු දිවයිනේ Taumarunui සිට කිලෝමීටර් 45ක් නිරිත දෙසින් වූ කිලෝමීටර් 78ක් ගැඹුරු ප්‍රදේශයේ මෙම භූ චලනය සිදුව ඇත.
ගේබ්‍රියෙල් සුළි කුණාටුවෙන් ඇති වූ විශාල ගංවතුර සමග හටගත් අපදාව හේතුවෙන් නවසීලන්තයට ඊයේ (14) ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර පැය 24ක් ගතවන්නට පෙර මෙම භූ චලන සිදුව තිබේ.
භූ කම්පනයෙන් වෙලිංටන් නගරයේ සුළු සෙලවීමක් තත්පර කිහිපයක කාලයක් සිදුව ඇති බවත් සිදුවූ හානි පිළිබඳව තවමත් නිල වාර්තා ලැබී නොමැති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.