සුළි කුණාටුවක් පිළිබඳව අනතුරු ඇඟවීමක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මලක්කා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අනිද්දා (30) පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පසුව එය ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් ලෙස ඉන්දීය ගොඩබිමට ඇතුළු විය හැකි බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) සහ ජාත්‍යන්තර කාලගුණ අංශ පුරෝකථනය කර තිබේ.

බෙංගාල බොක්කෙහි සිව්වන සුළි කුණාටුව සහ වසරේ හයවන ඉන්දියානු සාගර සුළි කුණාටුව බවට පත්වන මෙම සුළි කුණාටුව Michuang යන නමින් හඳුන්වා ඇති අතර එය මියන්මාරය විසින් නම් කර තිබේ.

මෙම සුළි කුණාටුව ඉදිරි දින කිහිපයේදී වර්ධනයවී බොහෝ දුරට එය දෙසැම්බර් 4 හෝ 5 වනදා ගොඩබිමට ඇතුළුවීමට ඉඩ ඇති බව ජාත්‍යන්තර සහ ඉන්දීය කාලගුණය පුරෝකථනය කර තිබේ

මේ වන විට මෙම පද්ධතිය පවතින මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතු වලින් වළකින ලෙස ඉන්දීය ධීවරයන්ට එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.

දකුණු අන්දමන් මුහුද සහ ඊට යාබද ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බවත් එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අනිද්දා (30) වන විට ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වාත් ඉන්පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (28) පස්වරුවේ නිවේදනය කළේය.

ඒ අනුව දකුණු අන්දමන් මුහුද සහ ඊට යාබද ගිනිකොන දිග බෙංගාල බොක්ක ප්‍රදේශවල නාවුක සහ ධීවර කටයුතු වල යෙදී සිටින පිරිස මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලෙස දැනුම් දෙයි

මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙසද ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටි

Leave a Reply