සුර්ය කෝෂ පෙට්ටි පුද්ගලයෙකුට මරු කැඳවයි

පානදුර මෝදරවිල කර්මාන්තශාලාවකදී සුර්ය කෝෂ (සෝලා පැනල්) ගබඩා කර තිබූ පෙට්ටි දෙකක් ශරීරය මත පතිත වීමෙන් පුද්ගලයෙකු අද (17) පස්වරුවේ මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ටොන් තුනකට ආසන්න බරැති පෙට්ටි දෙකක් වැටි මෙසේ මියගොස් ඇත්තේ මාතර ඌරුබොක්ක පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය පවසයි

කන්ටේනර් පෙට්ටියකින් සෝලා පැනල් රැගෙන විත් ෆෝක්ලිෆ්ට් යන්ත්‍රයක් ආධාරයෙන් කර්මාන්ත ශාලවට ගොඩ බාමින් සිටියදී යන්ත්‍රයේ සම්බරතාවය ගිලිහී පැත්තකට බරවී අධික බරකින් යුත් පෙට්ටි දෙක ශරීරය මත වැටී ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply