සුමාත්‍රා දූපතේ මැග්නිටියුඩ් 6.9 ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා දූපත් ආසන්න මුහුදේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.9 ප්‍රබල භූ චලනයක් සිදුව ඇතැයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේය.

මෙම භූ චලනයක් සමඟ සුනාමි තත්ත්වයක් පිළිබඳව තවමත් වාර්තා වී නොමැත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කලේය.

2 thoughts on “සුමාත්‍රා දූපතේ මැග්නිටියුඩ් 6.9 ප්‍රබල භූමිකම්පාවක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *