සුපිරි වෙළෙඳසලෙන් චොක්ලට් දෙකක් සොරාගත් අයෙක් රිමාන්ඩ්

සුපිරි වෙළෙඳසලකින් රුපියල් හාරසිය පනහක් වටිනා චොක්ලට් දෙකක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවකු හෙට (14) දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය සෙනසුරාදා (11) නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ පෝද්දල පදිංචි 31 හැවිරිදි සැකකරුවෙකි.

සැකකරු ගාල්ලේ සුපිරි වෙළෙඳසලකින් රුපියල් 450ක් වටිනා චොක්ලට් දෙකක් සොරාගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේ ආරක්ෂක නියාමකවරුන් සහ කළමනාකරු විසින් අල්ලා බාරදුන් බවත් පසුව සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහුගේ යට ඇඳුමේ සඟවාගෙන සිටි චොක්ලට් දෙක සොයා ගත් බවත් පොලිසිය අධිකරණයට පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *