සීතල කාලගුණයෙන් උතුරු නැගෙනහිර පශු සතුන් සංඛ්‍යාව 1000 ඉක්මවයි

ශීත කාලගුණ තත්ත්වය හමුවේ උතුර, නැගෙනහිර පළාත්වල මියගිය ගවයන් සහ එළුවන්ගේ සංඛ්‍යාව 1000 ඉක්මවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මියගිය ගවයන් සහ එළුවන් සංඛ්‍යාව 1092 ක දක්වා ඉහළ ගොස් තිබේ.

උතුරු පළාතේ ගවයන් 358 දෙනෙකු සහ එළුවන් 191 දෙනෙකු මියගොස් ඇති අතර නැගෙනහිර පළාතේ ගවයන් 478 දෙනෙකු සහ එළුවන් 65 දෙනෙකු මියගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මියගිය සතුන්ගේ සාම්පල ලබා ගැනීමට පියවර කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මේ අතර එළුමස් සහ ගව මස්, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ

අධික ශීත කාලගුණ තත්ත්වය හමුවේ උතුර, නැගෙනහිර පළාත්වල ගවයන් සහ එළුවන් මියයාම සැලකිල්ලට ගනිමින් මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය

පෙර පුවත සදහා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *