සිසුවියන් පිරිසකට ලිංගික අතවර කල ටියුෂන් ගුරෙකු සොයා විමර්ශන

කළුතර උපකාරක පංතිවල ගුරුවරයකු  සිසුවියන් 16 දෙනකුට ලිංගික අතවර කළ කර ඇති බව පැමිණිලි කීපයක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.

මෙම සැකකාර උපකාරක පංති ගුරුවරයකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පාසල් සිසුවියන්ට පංතිකාමරයේ දී ලිංගික අතවර කර ගුරුවරයා, දැරියන්ව නිවෙස්වලට ඇරලවන මුවාවෙන් කළුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ කැලයකට රැගෙන ගොස් සිය මෝටර් රථය තුළදී ලිංගික අතවර කර ඇති බවත් , ඒ අතරතුර සිය ජංගම දුරකථනයෙන් ඒවා පටිගත කර තිබියදී පොලිසිය සොයාගෙන ඇති බව අනාවරණය වි ඇතැයි වාර්තාවේ.

දැරියන්ට සූම් තාක්ෂණය ඔස්සේ පංති පැවැත්වීමට ලින්ක් යවා මව්පියන් නොමැති අවස්ථාවලදී ඔවුන්ට ඇදුම් ගලවන ලෙස උපදෙස් දී එම දර්ශණද පටිගත කර ඇති බවද වාර්තාවේ.

සැකකාර ගුරුවරයා සියලු ලිංගික දර්ශන සිය ලැප්ටොප් යන්ත්‍රයේ ගබඩා කර තිබියදී ඔහුගේ බිරිඳට හසුවී ඇය එම දැරියන්ගේ මව්පියන් දැනුවත් කිරීමෙන් පසු පැමිණිලි කිරීම ආරම්භ වී ඇතැයි වාර්තාවේ.

මෙම සැකකාර ගුරුවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

One thought on “සිසුවියන් පිරිසකට ලිංගික අතවර කල ටියුෂන් ගුරෙකු සොයා විමර්ශන

Leave a Reply