තරුණියක් ගෙල වැළලාගෙන ජිවිතක්ෂයට

ගාල්ල සර්කියුලර් පාර ප්‍රදේශයේ තරුණියක් අද (14) පෙරවරුවේ සිය නිවසේ කාමරයක් තුල ගෙල වැලලාගෙන මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 15 හැවිරිදි තරුණියක් බවද පොලිසිය පවසයි.

මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා ගාල්ල කරාපිටිය රෝහලට ගෙන ගොස් තිබේ.

මරණයට හේතුව අනාවරණය වි නොමැති අතර සිරුර පිළිබඳව මරණ පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය අද (14) පැවත්විමට නියමිතව තිබෙන බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබයි.

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )

Leave a Reply