සිසුවියකට අතවර කර සැඟව සිටි සැකකරුවෙකු වසර 9කට පසු අත්අඩංගුවට

අම්පාර ප්‍රදේශයේ අවුරුදු 16 බාලවයස්කාර පාසල් සිසුවියක බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන පුද්ගලයෙකු එම සිද්ධියෙන් වසර 09 පසු අම්පාර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට ඊයේ (13) අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ඇත්තේ හතළිස් පස් හැවිරිදි සැකකරුවෙකි

අම්පාර ප්‍රදේශයේ පදිංචි සිටි එවකට දාසය වැනි වියේ පසු වූ මෙම දැරියගේ පියා සමඟ සිදු මිතුරුකමක් මත ඔහු සොයාගෙන ගෙන පැමිණ අවස්ථාවක නිවසේ කිසිවෙකු නොසිටි බැවින් ඔහු දැරියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කර 2014 වසරේදී පලාගොස් තිබේ.

දැරියගේ මවුපියන් මේ බව පොලිසියට එම වකවානුවේ පැමිණිලි කළද සැකකරු සොයා ගැනීමට නොහැකිව තිබේ.

පසුව සැකකරු ඉන්නා ඉසව්වක් පිළිබඳ සොයා ගැනීමට නොහැකිව සිටියදී වසර නවයකට පසු ඔහුගේ ජංගම දුරකථන අංකය සොයාගෙන පොලිස් සැරයන්වරයක යොදවා උපක්‍රමශීලීව ව්‍යාජ ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනඟමින් අම්පාර නගරයට කැඳවා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply