බාල වයස්කාර සිය නැගණිය දූෂණය කළ බවට වරදකරු වු සොහොයුරෙකුට අවුරුදු 30ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් බළපිටිය මහාධිකරණය අද (16) නියම කර තිබේ.
මෙසේ සිර දඬුවම් නියම වූයේ පිටිගල අමුගොඩ පදිංචි 36 හැවිරිදි අයෙකුටය
මෙම දෙදෙනා එක පියෙකුගේ හා මව්වරුන් දෙදෙනෙකුගේ දරුවන් වන බවත් නිවසක දෙමව්පියන් සමඟ එකට ජීවත්ව සිට ඇති බවත් අවුරුදු 14ක් වන නැගණිය සමඟ මොහු මාස පහක් හයක් තිස්සේ වරින් වර ලිංගිකව හැසිරීම නිසා ඇය ගැබිණියක වී ඇතැයි නඩු විභාගයේදී අනාවරණය වි තිබේ.
පසුව දැරිය ගැබිනියක් බව දැනගැනිමෙන් පසු දෙමව්පියන් සිද්ධිය පොලිසියට පැමිණිලි කිරිමෙන් දැරිය පරිවාස භාරයට ලක් කිරීමෙන් පසු පරිවාස භාරයේ දී 2013 වසරේ දැරිය දරුවකු ප්‍රසූත කර ඇත.
අධිකරණයෙන් ලද නියෝග මත දූෂණය කළ අය සහ දරුවා DNA පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසු මොහු දරුවාගේ පියා බව ඔප්පු වී තිබේ.
ඒ අනුව විත්තිකරු වරද පිළිගැනීමෙන් පසු චෝදනා දෙකකට වරදකරු වූ හෙයින් එක් චෝදනාවකට වසර පහළොව බැගින් වසර තිහක බරපතළ සිර දඬුවමක් මහාධිකරණය විසින් නියම කර තිබේ.
(ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහාම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියකුගේ යුතුකම ඉටු කරන්න.)
දිනමිණ
අවුරුදු 10ක් ගිහින් ඒකට දඩුවම් දෙන්න…😁😁😁😁😁