අත දරුවෙකු රැගෙන නිවසට යමින් සිටි එක් දරු මවකගේ ගෙල තියුණු ආයුදයකින් කපා ඇය ඝාතනය කර ගෙල බැදි රන් මාලය කඩාගෙන යාමේ දුක්මුසු පුවතක් පොල්පිතිගම පොලිසියෙන් වාර්තා වෙයි.
මෙලෙස ඝාතනයට පත්ව ඇත්තේ ඉරුදෙණියාය, තොළඹුඇල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පවසයි.
අද පෙරවරුවේ පොල්පිතිගම නගරයට ගොස් නිවෙසට අවශ්‍ය බඩු රැගෙන ආපසු නිවෙසට යන අතරතුර මෙම අවාසනාවන්ත සිදුවිමට මුහුණ දී ඇත. ඝාතනය ලක්වන අවස්ථාවේ ඇයගේ අවුරුදු එක හමාරක් පමණ වයසැති දරුවා වඩාගෙන සිට ඇතැයි පොලීසිය සදහන් කර ඇත..
ඇයගේ ගෙල බැදි මාලය කඩා ගන්නා අවස්ථාවේදී වෙස් වලා සිටි සැකකරු ඇය හදුනා ගත් බවත්, එම සොරකමෙන් බේරෙන්නට සැකකරු මෙලෙස ගෙල කපා පලාගොස් ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් පොලීසිය පවසයි.
මෙම සිද්ධියත් සමග අත දරුවා කෑ ගසා ඇති අතර ඒ ශබ්දය ඇසී අවට කතක් දරුවා වඩාගෙන තුවාලකරු රෝහල් ගත කර කොට ඇතත් ඇය ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම අපරාධය සිදු කොට රන් මාලය කඩාගෙන පලා ගොස් ඇති සැකකරු මේ වනවිට හදුනා ගෙන සිටින බැවින් ඔහු අත් අඩංගුවට ගැනීම සදහා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.