සිදූව කුරණදී මනුෂ්‍ය ඝාතනයක්

සිදූව කුරණ ප්‍රදේශයේ දී පිරිසක් එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු ඊයේ (21) රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි කුරණ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවත් තියුණු ආයුද රැගෙන පැමිණි පිරිසක් විසින් කපා තුවාල සිදුකර මෙම අපරාධය සිදුකර ඇතැයි පොලිසිය පවසයි

සිද්ධියට සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *