සැඩ පහරට හසුවු මව බේරා පුතාත් පෙම්වතියත් ඔයේ අතුරුදහන්

දික්ගල් ඔයේ ගසා ගෙන ගිය සිය මව බේරා ගැනීමට ඔයට පැන්න පුතා සහ ඔහුගේ පෙම්වතිය බව කියන තරුණියක් දියේ ගිලී අද (07) සවස අතුරුදහන් වී ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි.

සැඩ පහරට හසුවු මව බේරා ගැනීමට පුතාට හැකි වුවත් ඔහුට ඔහුගේ දිවිය බේරා ගැනීමට හැකි වී නැත.

මව බේරා ගැනීමට පුතා හැකි වුවත් ඔහු සැඩපහරට හසුවී ගියේ දියේ ගසාගෙන අයුරු දුටු පෙම්වතියදසිය පෙම්වතා බේරා ගැනීමට  ඔයට පැන්න අවස්ථාවේ දෙදෙනාම සැඩපහරට හසුවී හසුවී හසුවී අතුරුදහන්ව ඇතැයි පොලිසිය පවසයි.

නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදා  අතුරුදහන් ව සිටින දෙදෙනා සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

Leave a Reply