සැඩ දියපහරකට හසුව කුඩා දරුවන් දෙදෙනෙකු අතුරුදහන්

හාලිඇල බෝගොඩ පිහිල්ලේ දිය කදුරෙන් එගොඩවීමට ගිය කුඩා දරුවන දෙදෙනකු අද (23) පස්වරුවේ සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි හාලිඇල පොලිසිය පවසයි.

මෙසේ සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් ව ඇත්තේ හාලිඇල බෝගොඩ කොකටියමලුව පදිංචි 10 හැවිරිදි පිරිමි ළමයෙකු සහ 7 හැවිරිදි ගැහණු දැරියකි. ඔවුන් එකම පවුලේ අයියා සහ නංගි බවද පොලිසිය පවසයි

ඔවුන් දෙදෙනා 5 වසරේ සහ 2 වසරේ ඉගනුම ලබන බවද පොලිසිය පවසයි.

අද (23) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ මොවුන් දෙදෙනා නිවසේ සිට පිහිල්ලේ කදුරට එගොඩගොඩේ නිවසක සිටි මව සොයා ගොස් ඇති අතර දෙදෙනා පිහිල්ලේ දිය කදුරට බැස එගොඩවීමට ගිය අවස්ථාවේ එක්වරම ගලා ආ සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

සැඩපහරේ ගසාගෙන ගිය කුඩා දරුවන් දෙදෙනා සෙවීමේ කටයුතු මේ වනවිටත් හාලිඇල පොලිසියේ නිලධාරීන් සහ ගම්වාසීන් එක්වී ආරම්භ කර ඇත.

පවතින වර්ෂාවත් සමඟ පිහිල්ලේ දිය කදුරේ ජල පහර වැඩි නිසා සහ අදුර නිසා සෝදිසි මෙහෙයුම් කටයුතු සිදු කිරිම අපහසු වි ඇතැයි වාර්තාවේ

Leave a Reply