සාරි ඔන්චිල්ලාව 09 හැවිරිදි දැරිය බිලිගනි

මොනරාගල මොනරකැලෙ වත්ත පදිංචි නව හැවිරිදි දැරියක් ඉකුත් 11 වැනිදා උන්චිල්ලා පදිමින් සිටියදී ගෙල සිර වී මිය ගොස් ඇතැයි මොනරාගල පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ මොනරාකැලේ වත්ත පදිංචි තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියකි.

මෙම දැරිය අසල නිවසක එළු ගාලක සාරියකින් බැඳ තිබූ ඔන්චිල්ලාවක් පදිමින් සිටියදී සාරිය ගෙළට සිර වී ඇතැයි පොලිසිය පවසයි

දැරිය සමඟ සෙල්ලම් කරමින් සිටි තවත් දැරියක ඇය කතා නොකරන බවට නිවැසියන්ට පවසා ඇති අතර නිවැසියන් ඔන්චිල්ලාවේ සිරව සිටි දැරිය මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන එන විටත් මියගොස් සිට ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *