සාමාන්‍ය පෙළ සිසුන්ගේ විනෝද චාරිකාව ඛේදවාචකයකින් අවසන්

පෞද්ගලික උපකාරක පන්ති සිසු සිසුවියන් පිරිසක්  සමඟ විනෝද චාරිකාවකට ගොස් සිටි මාදම්පේ පනිරෙන්ඩාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 ක් වයසැති සිසුවකු ලග්ගල තෝරපිටිය වැවේ නෑමට ගොස් දියේ ගිලී මිය ගොස් ඇතැයි ලග්ගල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ආර්. පී ගයාන් මදුෂාන් නැමැති සිසුවෙකි.

මෙම විනෝද චාරිකාවට සිසු සිසුවියන් සමඟ උපකාර පන්ති පවත්වන ගුරුවරුන් කිහිප දෙනකු සහ සිසු සිසුවියන්ගේ මවුපියන් කිහිප දෙනකු ද ගොස් ඇති බව ලග්ගල පොලිසිය පවසයි.

දියේ ගිලී මිය ගිය මෙම සිසුවා මෙවර පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයෙකි.

Leave a Reply