සවස් කාලයේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මුලතිව්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට අද (30) වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75  පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply