අද (09) පෙරවරුවේ ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රිය උතුරු කළුතර ප්‍රදේශයේ දී එන්ජිම මැදිරිවලින් වෙන්වී ධාවනය වී තිබේ.
උතුරු කළුතර සහ නොම්මර 1ක දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දී එම සිදුවීම සිදුව තිබේ.
නියාමක මැදිරියේ කප්ලිමට ඉහළින් දුම්රිය එන්ජිමේ කප්ලිම පැනීම හේතුවෙන් දුම්රියේ එන්ජිම දුම්රියෙන් ගැලවී ගොස් කිලෝමිටරයක පමණ දුරක් ධාවනය වී ඇති බව සඳහන්ය.
මිනිත්තු 15ක පමණ කාලයකින් පසු යළිත් දුම්රිය එන්ජිම සවිකිරිමෙන් පසු එම දුම්රිය මරදාන බලා ධාවනය කිරීමට කටයුතු කළ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.