සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නොවැම්බර් මැද

2022 (2023) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේ මැද භාගය වනවිට දී නිකුත් කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

‘ස්ථාවර රටකට සැවෝම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ වසරේ සා.පෙළ විභාගය පැවැත්වුයේ 2023 මැයි 22 දින සිට ජුනි මස 01 වැනි දින දක්වාය.

මෙවර අපේක්ෂකයන් 517,496ක් විභාගයට මුහුණ දී ඇති අතර,ඉන් 407,129ක් පාසල් අයදුම්කරුවන් බවයි සඳහන් වන්නේ වේ.

ඉන් පෞද්ගලික අයදුම්කරුවන් 110,367කි.

එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 590ක් මෙවර සා.පෙළ විභාගයට මුහුණ දී තිබේ.

Leave a Reply