සමාජ මාධ්‍ය භාවිතය ගැන අනතුරු ඇඟවීමක්

අසීමාන්විත ලෙස සමාජ මාධ්‍ය භාවිතකරන සිසුන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල වන බව ඇමෙරිකාවේ සෞඛ්‍ය බලධාරින් විසින් ප්‍රකාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා එරට සෞඛ්‍ය බලධාරින් සිදුකළ සමීක්ෂණයකදී මේ පිළිබඳ අනාවරණය වී ඇති බවයි.

සමාජ මාධ්‍ය සීමාවකින් තොරව භාවිත කිරීම හේතුවෙන් ඇතැම් සිසුන් සියදිවි හානි කර ගැනීම් වැනි මානසික තත්ත්වයන්ට පත්වන බව ද එම සමීක්ෂණයේදී අනාවරණ වී තිබේ.

මෙම තත්ත්වයන්ට කඩිනම් විසඳුමක් ලබාදීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය බලධාරින් වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply