සමාජ මාධ්‍ය කැළඹු විඩියෝවේ දැරියකට පහර දුන් කාන්තාව අත් අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දැරියකට ඉතා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට ලක් කර කරන වීඩියෝවට අදාළව එම දැරියගේ 39 හැවිරිදි කුඩම්මා රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාර කෑමවලට ලක් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීම සදහා රෝහල්ගත කර තිබේ.

මෙම දැරියගේ මව මිය ගොස් ඇති අතර ඉන් පසු පියා තවත් විවාහයක් කරගෙන ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි .

Leave a Reply