මෙරට සංචාරයක් සදහා පැමිණි රුසියානු ජාතික කාන්තාවකගේ රුපියල් ලක්ෂ 14ක් පමණ වටිනා දේපල කොල්ල කන ලද සැකකරුවන් දෙදෙනෙකු කොල්ලකන ලද දේපලද සමග අත් අඩංගුවට ගත් බව ගාල්ල කොට්ටාස අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ යුධ හමුදාවෙන් පලාගොස් සිටින අහංගම පදිංචි පුද්ගලයෙක් සහ ඔහුගේ මිතුරෙකි
මෙම කාන්තාව ඉකුත් 24 වන දින සවස හබරාදුව හැඩිවත්ත ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ඇය සන්තකයේ තිබු ලැප්ටොප් පරිගණකය කැමරා ජංගම දුරකතන ඇතුලු රුපියල් ලක්ෂ 14ක් පමණ වටිනා දේපල සහිත බෑගය කොල්ලකා ගොස් ඇත.
පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ ව්‍යාජ අංක තහඩු සවිකරන ලද යතුරු පැදියකින් පැමිණ මෙම කොල්ලය සිදුකර ඇති බවය. කොල්ලකන ලද දේපලවලින් කොටසක් යතුරු පැදියේද කොටසක් සැකකරුවන්ගේ නිවෙස්වල තිබියදී සොයාගෙන ඇත.
සැකකරුවන් ඊයේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ