සංචාරක කලාපවලට විදුලිය කපන්නේ නැහැ කිවත් ගාල්ලේ විදුලිය කපයි

දෙසැම්බර් 01 වැනි දින සිට දකුණේ සංචාරක කලාපවල විදුලිය නොකපන බව ප්‍රකාශ කළ ද ගාල්ල කොටුව ඇතුළු අවට ප්‍රදේශවල සාමාන්‍ය පරිදි දිනපතා විදුලිය කපා හරින බව ව්‍යාපාරිකයෝ සහ සංචාරක නිවාස (Vila) හිමියෝ චෝදනා කරති.

මෙම ප්‍රදේශවලට ඉකුත් දින කීපයේදීම සාමාන්‍ය පරිදි දහවල් සහ රාත්‍රී කාලයේදී විදුලිය කපා හැරි බව ද ඔවුන් පවසයි.

ගාලු කොටුවට අමතරව බහුතරයක් සංචාරකයින් ඒ අවට කටුගොඩ, තලාපිටිය, මකුළුව, කලුවැල්ල, දංගෙදර, මාගල්ල, උණවටුන, ඇතුළු ප්‍රදේශවල සංචාරක නිවාසවල (Vila) රැඳි සිටිති.

Leave a Reply