සංගීත සංදර්ශනයක දී ගැටුමක් බේරන්න ගිය පොලිස් සැරයන්ට පහරදුන් සැකකරුවෙකු අත්අඩංගුවට

පෝද්දල වටරැක නැගෙනහිර ප්‍රදේශයේ විද්‍යාලිය ක්‍රීඩාංගණයක පවත්වන ලද සංගීත සංදර්ශනයක රාජකාරි යොදවා සිටි පොලිස් නිලධාරියකුට ඊයේ (08) අලුයම පහරදී තුවාල සිදුකර ඇතැයි පෝද්දල පොලිසිය පවසයි.

පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත

සංගීත සංදර්ශනය පැවැත්වෙමින් තිබියදී දෙපිරිසක් අතර ආරවුලක් ඇති වී ඇති අතර එම ආරවුල සමථයකට යාමේදී පොලිස් නිලධාරියාට මෙසේ පහර දී ඇත. පහරදීමට සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති ඔහු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට නියමිතව තිබිණ

සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *