දකුණු ඉතාලියට ඔබ්බෙන් වූ මුහුදේ දී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් පෙරළීමෙන් එහි ගමන් ගත් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 60 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කැලබ්‍රියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දියි මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ දී එහි මගීන් 200කට ආසන්න සංඛ්‍යාවක් සිටි බව අනතුරින් දිවි ගලවාගත් අයෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම යාත්‍රාව කැලබ්‍රියා හි වෙරළබඩ නගරයක් වන ක්‍රෝටෝන් අසලට පැමිණීමට උත්සාහ කිරීමේ දී යාත්‍රාව දෙකඩ වී තිබේ
මෙම යාත්‍රාවෙන් ගමන් කරමින් සිට ඇත්තේ නීතිවිරෝධී ලෙස පලා යමින් සිටි සංක්‍රමණිකයින් පිරිසක් බව ඉතාලි ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
අනතුරින් තවමත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවට ද ඉතාලි බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
බොහෝ මළසිරුරු වෙරළට ගොඩගසා ඇති අතර මියගියවුන් අතර කුඩා දරුවන් ඇතුළු මාස කිහිපයක බිළිඳෙකු ද සිටින බවත් මෙම යාත්‍රාව ඇෆ්ගනිස්තානය, සෝමාලියාව,පාකිස්ථානය සහ ඉරානය ආදී රටවල මගීන් පිරිසක් සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සෑම වසරකම දකුණු අප්‍රිකාව ඇතුළු දරිද්‍රතාවයෙන් පෙළෙන රටවල්වල ජීවත්වන පිරිස් මෙලෙස සංක්‍රමණිකයින් ලෙස ඉතාලි රාජ්‍යයට ඇතුලුවන බවයි.