ශීත කාලගුණයෙන් මියගිය සතුන් වෙනුවෙන් මිලියන 30 ක වන්දි

මැන්ඩොස් සුළි කුණාටුව හේතුවෙන් උතුර පළාතට බලපෑ අධික ශීත කාලගුණයෙන් මියගිය සතුන් වෙනුවෙන් වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ

ඒ සඳහා රුපියල් මිලියන 30 ක මුදලක් වෙන් කර ඇති අතර, ඊට අදාළ චෙක්පත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් පශු සම්පත් අතිරේක ලේකම්වරයාට භාරදුන් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර තිබේ

ඒ අනුව මියගිය එක් ගවයෙකු සඳහා රුපියල් 20,000ක්, ගව පැටවෙකු සඳහා රුපියල් 10,000ක්, එළුවෙකු සඳහා රුපියල් 5,000ක් සහ එළු පැටවෙකු සඳහා රුපියල් 3,000ක මුදලක් වන්දි වශයෙන් ලබාදීමට නියමිතයි.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති මෙම ශීත දේශගුණයෙන් උතුර සහ නැගෙනහිර පළාත්වල ගවයින් 1,866 ක් සහ එළුවන් 559 ක් ජීවිතක්ෂයට මියගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *