විශේෂ අවශ්‍යතා ඇති දරුවන් අධ්‍යාපනය හදාරන කෑගල්ල අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලයේ දෑස් දෙකම නොපෙන ශිෂ්‍යයකු බ්‍රේල් ක්‍රමයට විභාගයට පෙනී සිට මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 168 ක් ලබාගෙන ඇත.
කෑගල්ල, නාගොල්ලේ පදිංචිව සිටින W.D චානුක දේවින්ද කුමාර ශිෂ්‍යයා මෙලෙස ලකුණු 168ක් ලබාගෙන ඇත.
මෙම දරුවා උපත ලබා මසක පමණ කාලයක් ගත වූ අවස්ථාවේ දී දරුවාට ඇස් රෝගයක් සෑදී කෑගල්ල මහ රෝහලටත් පසුව කොළඹ ජාතික රෝහලටත් රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර ඇත. වෛද්‍යවරුන් මවුපියන්ට කියා ඇත්තේ ඇස්වල පිලිකාවක් සෑදී ඇති බවය. පසුව මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබා දුන්න ද සුව නොවුණු බව චානුකගේ මව පැවසුවාය.
පාසල් යන අවදිය එළැඹීමත් සමග දරුවා කෑගල්ල ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කළ බවත් දෙවැනි පන්තියේ දී තමන් බලහත්කාරයෙන් දරුවා එම පාසලෙන් අයින් කර විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ඇති කෑගල්ල අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලයට ඇතුළත් කළ බවත් මව පැවසුවාය.
චානුක දේවින්දගේ පියා ඔහු ත්‍රිරෝද රථ රියදුරෙකි. මව ගෘහණියකි. චානුකට වැඩිමහල් සහෝදරියක් සහ සහෝදරයෙක් ද සිටිති.
සහෝදරිය කෑගලු බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ විභාගය සමත් වී ඇති අතර සහෝදරයා ද පෞද්ගලික ආයතනයක රැකියාවක් කරයි.