ශ්‍රී ලාංකිකයෙකු ඔස්ට්‍රේලියාවේ දී අභිරහස් ලෙස මරුට

ඔස්ට්‍රේලියාවේ හොබර්ට් නගරයේ වෙරළ තීරයේ තිබී ශ්‍රී ලාංකික තරුණයෙකුගේ බවට සැක කෙරෙන මළ සිරුරක් අද (21) සොයා ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම පුද්ගලයා වසය අවුරුදු 18 – 25ත් අතර තරුණයෙකු විය හැකි බව එරට පොලීසිය පවසා ඇතැයි එම වාර්තා සඳහන් කළේය.

කෙසේ වෙතත් මියගොස් සිටින පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වේ.

මෙම මරණය සැකසහිත බවත් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ ආරම්භකර ඇති බවත් පොලීසිය පවසා ඇත.

මෙම පුද්ගයා වෙනත් ස්ථානයකදී දියට වැටි පසුව මෙම ස්ථානයට පා වී ඇවිත් ඇති බවට සැකසහිත බව වැඩිදුරටත් පොලීසිය පවසා ඇතැයි එම වාර්තා සඳහන් කළේය.

Leave a Reply