ශ්‍රී ලංකාවේ රිලවුන් ලක්ෂයක් චීනයට

ශ්‍රී ලංකාවේ ඉහළයන රිළා ගහනයට විසඳුමක් ලබාදෙමින් මෙරට රිළවුන්ට චීනයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය

මෙම ඉල්ලීම අනුව මෙරට රිළවුන් 100,000ක් පළමු අදියර යටතේ ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (11) බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව අනුව මෙරට රිළවුන් විදේශ රටක් සඳහා ලබාදීමේ දී පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධව කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

දැනට අප රටේ රිළවුන් ගහනය ලක්ෂ 30කට ආසන්න බව හෙළිදරව් වී තිබේ. මෙරට වගා හානි සිදු කරන සතුන් අතර ප්‍රමුඛතමයා වන්නේ ද රිළවාය. රිළා ගහනය අවම කරගැනීම සඳහා රජය විසින් මෙතෙක් ගත් සියලු උත්සාහයන් ව්‍යවර්ථ වී ඇති පසුබිමක මෙම ඉල්ලීම කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ පවසයි.

One thought on “ශ්‍රී ලංකාවේ රිලවුන් ලක්ෂයක් චීනයට

Leave a Reply