ශ්‍රි ලාංකිකයන්ට තවත් මැලේසියානු රැකියා දස දහසක්

මැලේසියානු රජය මෙරටට අනුමත කළ රැකියා දසදහසක කෝටාවට අමතර ව මෙරට ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා අතිරේක රැකියා දසදහසක කෝටාවක් වෙන් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

ඊයේ (14) විදේශ රැකියා නියෝජිත ආයතන වෙනුවෙන් සම්මාන ප්‍රදානය කිරීමේ උළෙලට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“අපි දැන් අලුත් ගමනාත්ත සොයාගෙන යනවා. ඒ යද්දී මැලේසියාව සුවිශේෂී ගමනාන්තයක් බවට පත් වුණා. කලින් සිටි මැලේසියානු රජය අපට රැකියා දහදහසක කෝටාවක් අනුමත කළා. මේ රැකියා දසදහසේ කෝටාවට අමතර ව වත්මන් මැලේසියානු රජයේ කැබිනට් මණ්ඩලය වෙතින් දසදහසින් පටන් අරන් ලක්ෂය දක්වා යන්න පුළුවන් තවත් රැකියා කෝටාවක් අනුමත කර ගන්න අපට හැකියාව ලැබුණා. ඒ මෙරට ආරක්ෂක අංශයේ සාමාජිකයන් සඳහා. මෙය රාජ්‍යයන් රාජ්‍යයන් අතර සිදුවන ගණුදෙනුවක් විදියට වෙන්නේ.

ඒ වගේ ම ඉදිරියේ දී මාසික ව ඩොලර් බිලියනයක විදේශ ප්‍රේෂණ ඉලක්කයක් කරා ගමන් කිරීමට සැලසුම් කරලා තියෙනවා. ඒ නිසා ඉතිහාසයේ වැඩිම පිරිසක් විදේශ රැකියා වෙත යොමු කිරීමේ ඉලක්කය සහ වගකීම සම්පූර්ණයෙන් ම රැකියා නියෝජිත ආයතන වෙත පවරලා රජය විදියට අපි විගමණික ශ්‍රමිකයන්ගේ සුබසාධන කාර්යයට මුළුමනින් ම අවධානය යොමු කරනවා. ඒ අනුව විගමනික ශ්‍රමික දූ දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන, නේවාසිකාගාර ඇතුළු ව්‍යාපෘති හා පහසුකම් රැසක් ලබා දෙන්න අපි කටයුතු කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *