ශ්‍රි ලංගමයට ඉන්දියාවෙන් මගි බස් රථ 500ක්

ප්‍රමුඛ පෙළේ ට්‍රක් සහ බස් රථ නිෂ්පාදකයෙකු වන ඉන්දීය අශෝක් ලේලන්ඩ් සමාගම විසින් ආසන 32 බස් රථ 500ක් සැපයීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් (ශ්‍රීලංගම) ඇණවුම තමන් හිමි කරගත් බව ඉන්දීය අශෝක් ලේලන්ඩ් සමාගම පවසයි.

ශ්‍රී ලංකාවට ලබාදුන් ඉන්දීය ණය පහසුකම යටතේ මෙම බස්රථ ලබාදීමට නියමිත බවද නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසයි.

මෙම ව්‍යාපෘතියේ පළමු බස් රථ 75ක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත පසුගිය (07) වනදා කොළඹදී භාර දුන් බවද එම නිවේදනයේ සදහන්.

ආසන 32 කින් යුත් මෙම නව බස් රථ දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල ධාවනයට එක් කිරීමට බලාපොරොත්තු වන බවද එම සමාගම ප්‍රකාශ කර තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *