ශ්‍රි ලංකාවේ පළමු කුළුබඩු ආශ්‍රිත වෙබ් අඩවිය එළිදකී

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කුළුබඩු නිෂ්පාදකයන්ගේ ගුණාත්මක නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය වෙළඳ පොළ වෙත ගෙනයාමේ අරමුණ ඇතිව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් www.spicelk.com වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ පළමු කුළුබඩු ආශ්‍රිත නිල වෙබ් අඩවිය ලෙසින් එළි දැක්වීම පසුගියදා සිදු කෙරිණි.

මෙම නව වෙන් අඩවිය මඟින් මාර්ගගත ක්‍රමය හරහා (Online) ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකට කුළුබඩු නිෂ්පාදන ගෙන්වා ගැනීමේ හැකියාව ලැබෙන අතර, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඉතා ඉක්මනින් එම කුළුබඩු නිෂ්පාදන ඇණවුම් කරන පාරිභෝගිකයින්ගේ අතටම ලබාදීම සිදු කරනු ලබයි.

එමෙන්ම මෙම නව වෙබ් අඩවිය තුළ ශ්‍රී ලංකාවේ දේශීය කුළුබඩු පිළිබඳ තොරතුරු මෙන්ම කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන අලෙවිසල් පිළිබඳව තොරතුරුද අන්තර්ගත වෙයි.

එයට අමතරව ඉදිරියේදී විදෙස්ගත ගැණුම්කරුවන්ටද මෙම නව වෙබ් අඩවිය තුළින් කුළුබඩු නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව සලසාදීමට කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය සැලසුම් කොට තිබේ.

Leave a Reply