ශ්‍රි ලංකාවේ උසම පොලිස් නිලධාරියා විශ්‍රාම යයි

ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිටි උසම පොලිස් නිලධාරියා වූ කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා වසර 38කට වැඩි කාලයක් සේවය කර අද (31) සිට විශ්‍රාම ගියේය.

අවුරුදු 38යි මාස 6යි දින 16ක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද චම්පික සිරිවර්ධන මහතා 1984 ජුනි 18 වැනිදා ආධුනික උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳී කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මූලික පුහුණුව ලබා තිබේ.

1991 දෙසැම්බර් 08 වැනිදා පොලිස් පරීක්‍ෂකවරයකු ලෙසත්, 1999 ජුනි 07 දින සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙසත්, 2007 ජුනි 07 දින පොලිස් අධිකරිවරයකු ලෙසත්, 2012 ජුනි 07 දින ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ලෙසත්, 2016 ජුනි 07 දින නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙසත් ඔහු උසස්වීම් ලබා තිබිණි. එල්.ටී.ටී.ඊ. යුද සමයේ උතුරු නැඟෙනහිර ප්‍රදේශවල සේවය කර ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කරමින් සිටියදී ස්ථාන මාරුවක් ලබාදීමෙන් පසුව මැයි 18 වැනිදා සිට කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස විශ්‍රාම යන තෙක් සේවය කළේය.

දෙදරු පියෙකු වන නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවේ සිටි උසම පොලිස් නිලධාරියාය.ඔහුගේ අඩි 6යි අඟල් 9ක් වෙයි.

ඔහුගේ විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් පෙරේදා (29) කෑගල්ල නිදහස් මාවතේදී උත්තමාචාර පෙළපාළියක් පැවැත්විණි.

පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 38යි, මාස 06යි දින 16ක් සේවය කළ බවත් ලංකාවේ දෙපාර්තමේන්තු අතරින් තෙවැනි තැන පොලිස් දෙපාර්තමේන්තුවට හිමිව ඇති බවත්ය. සේවය කරන කාලයේදී පහළ සිටින සියලුම නිලධාරීන් ලබාදුන් උපරිම දායකත්වය නිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වා පැමිණි බවත් හෙතෙම පැවැසීය. සිය සේවා කාලය තුළ කිසිම කළු පැල්ලමක් ඇති කර නොගත් බවත් එලෙසම සියලුම නිලධාරීන් සිය සේවා කාලය තුළ මහජනතාවට උපරිම සේවාවක් සලසාදී ගෞරවාන්විතව සමුගන්නා ලෙසත් එම උත්සවයේ දි ප්‍රකාශ කර තිබේ.

Leave a Reply