ශ්‍රවණ ආබාධිත පුද්ගලයින්ට මේ සතියේ සිට රියදුරු බලපත්‍ර

රට පුරා සිටින ශ්‍රවණ ආබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන මෙම සතියේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“පුද්ගලයින් 50 දෙනෙකු සඳහා නියාමක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා එහි කාලය මේ සතියේ අවසන් වුණා. ඒ පුද්ගලයින් 50 දෙනා ඉතාමත් සාර්ථකව වාහන ධාවනය කරලා තිබුණා. කිසිඳු අනතුරක් සිදුවෙලා නැහැ. එහි සාර්ථකත්වය මත මුළු ලංකාවටම ඒ රියදුරු බලපත්‍රය. බිහිරි පුද්ගලයින් සඳහා ලබාදීමේ වැඩපිළිවෙල මේ සතියේ සිට ආරම්භ කරනවා.”

“ඒ වගේම රියදුරු බලපත්‍ර හිමි පාද අහිමිවූ රණවිරුවන් සඳහා අවුරුදු දෙකකට සැරයක් වෛද්‍ය වාර්තාව ලබාගත යුතුයි කියලා සීමාවක් තිබ්බා. අපි දැන් ඒකත් අවුරුදු 4 සහ 8 සීමාව දක්වා දීර්ඝ කරන්න.”

Leave a Reply