වෛද්‍ය ෂාෆි මිලියන 2.6 සිය හිඟ වැටුප අත්‍යවශ්‍ය ඖෂධ මිලදි ගැනිම සදහා පරිත්‍යාගය කරයි

දැඩි ආන්දෝලනයකට තුඩුදුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතා සිය හිඟ වැටුප සම්පූර්ණයෙන්ම මෙරටට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා යළි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබේ.

මෙම වෛද්‍යවරයාට ඔහුගේ අත්හිටවූ සේවා කාලයට අයත් හිඟ වැටුප් හා දීමනා ජූලි මස 10 වැනි දිනට ප්‍රථමව යළි ගෙවන ලෙසට පසුගියදා අභියාචනාධිකරණය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නියෝග කරනු ලැබිය.

ඒ අනුව ෂාෆි වෛද්‍යවරයාට හිමිවිය යුතු හිඟ වැටුප් හා දීමනා ප්‍රදාන ලෙස රුපියල් විසිහය හයලක්ෂ හැත්තෑපන්දහස් අටසිය දහසයයි, ශත හතලිස් අටක (2,675,816.48) ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබින.

මීට අදාළ චෙක්පත වෛද්‍ය ෂාෆි මහතා වෙත ලැබී ඇති අතර තමන්ට ලද හිඟ වැටුප් හා දීමනා යළිත් රට තුළ දැඩි අර්බුදයක් ව පවතින ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන මුදල් ලෙස තම හිඟ වැටුප ද එක් කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීම ඔහු තීරණය කර ඇත.

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකය වෙත පැමිණි කාන්තාවන් විශාල පිරිසක් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව වන්ධ්‍යකරණයට ලක් කරන ලදැයි යන චෝදනාව මත අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටි විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළි සේවයට කැඳවීමට තීරණය කෙරුණා.

දීර්ඝ කාලයක සිට විභාග කෙරුණු මීට අදාළ නඩුවේදියි මෙම තීරණය අධිකරණය විසින් ලබාදුන් අතර ඒ අනුව ඔහුට එකී කාලසීමාව තුළ නොගෙවා තිබූ සියලු වැටුප් හා සෙසු සියලු දීමනාවන් ගෙවා දැමිය යුතු බවට අනුව අධිකරණය විසින් නියම කරනු ලැබිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *