වෛද්‍යවරියකට ජිවිතය එපා වෙයි

පේරාදෙණිය ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍යවරියක් සියදිවි හානිකරගෙන තිබේ. වෛද්‍යවරියගේ සිරුර සිය නිවසේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.

මෙම වෛද්‍යවරිය ඌරාපොල ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදි ගෙළවැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි වෛද්‍යවරියකි.

සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කඩුගන්නාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *