වෛද්‍යවරයෙකු සියදිවි නසා ගනී

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු සිය නිවස තුලදි කිසියම් වස වර්ගයක් පානය කර මියගොස් සිටියදි අද (03) පෙරවරුවේ හමුව ඇතැයි ගාල්ල ‍පොලිසිය පවසයි.

මෙස් මියගොස් ඇත්තේ ගාල්ල බටගන්විල පදිංචිව සිටි කරාපිටිය රෝහලේ එක්ස් රේ අංශයේ සේවය කරන 37 හැවිරිදි වෛද්‍යවරයෙකි.

වෛද්‍යවරයා පමණක් නිවසේ සිටියදි මෙලෙස වස වර්ගයක් පානය කර මියගොස් සිටියදි බිරිඳ විසින් දැක ඒ බව පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ පිළිබඳව මරණ පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේදි අද පැවැත්විමට නියමිතව තිබින.

ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.

ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත.

Leave a Reply