වෙසක් සිරි බලන්න ගිය පිරිසක් රිය අනතුරකින් රෝහලට

කොළඹ ගොස් වෙසක් සිරි නරඹා නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් කුඩා ලොරි රථයක් අද (07) අළුයම පානදුර වලාන ප්‍රදේශයේදී පෙරළී යාමෙන් කුඩා දරුවන් තිදෙනකු ඇතුළු දස දෙනකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙම පිරිස ගමන් ගත් රථය කළුතර දෙසට ගමන් කරමින් සිටියදී රියැදුරුට නින්ද යාම හමුවේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය මැද තිබූ විදුලි කණුවකට ද හානි කරමින් පෙරලී ගොස් තිබේ.

මෙම අනතුරෙන් කුඩා ළමුන්ට තුන් දෙනෙකු ඇතුළු දසදෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූවන් අතර සිව් දෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තාවේ.

එහි ගමන් කර ඇත්තේ මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

Leave a Reply